විදුහල්පති පණිවිඩය
බී.එම්.ඩබ්ලිව්.ජයසූරිය මිය
පෙර අපරදිග යා කරන සේද මාවතේ සංධීස්ථානය උපන්බිම කොටගත්, ගෝකන්න පුරවරයෙහි වසර 66 ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ත්‍රී /ත්‍රී අභයපුර මහා විද්‍යාලය ප්‍රදේශය තුළ විරාජමානව බැබළෙන විදුහලකි.
විද්‍යාලයෙහි විසිවන විදුහල්පතිනිය ලෙස මම මෙම පණිවිඩය විද්‍යාලයේ නිල වෙබ් අඩවියට දැනුම් දෙමී. එදා මෙදා තුර කාලය තුළ අතීතයේ සිටී සියලු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කළ කැපවීම සහ විශිෂ්ට සේවය ගෞරවයෙන් සිහීපත් කරමී.
අගනුවර නොපෙනෙන මානයක සිට ගම නගරයේ යන ගතික සංකල්පයට මැදිවෙමින් අධ්‍යාපනය පසුපස හඹා යන්නා වූ සුවහසක් දූ දරුවන් නිවැරදි දිශානතියක් කරා යොමු කරවීම අපගේ අරමුණයි. ඒ අනුව අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටුවන පරිදි විසිඑක් වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි වන පරිදි පූර් ණ පෞරුෂයක් සහිත දරු පිරිසක් බිහි කිරීම සඳහා පාසල පදනම් කරගත් සැළසුම් සහගත වැඩපිළිවලක් පාසල තුළ ක්‍රියාත්මක වේ.
නව ලොවට උචිත වන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හරහා සිසු දරුවන්ගේ සාධන මට්ටම මෙන්ම නිපුණතා සංවර්ධනය කීරීමටද, ප්‍රදේශයේ සංස්කෘතික අවශ්‍යතාවයන්ට උචිත පරිදි පාසල සංවර්ධනය කිරිමටද, මා බලාපොරාත්තු වෙමි.
සාම්ප්‍රදායිකත්වය මිදී නව ලොව කරා යන මේ ගමනට ශක්තියක් වීම උදෙසා විද්‍යාලයේ ගුරු සිසු සැමටත් ,දෙමාපියන්, ආදි ශිෂ්‍ය සහ සමාජ ප්‍රජාවටත් අප හා එක්වන ලෙසට ගෞරවයෙන් ආරාධනා කරමි. සමස්ත සිසු පරපුරේහී චින්තනයන් හා හැකියාවන් වඩාත් සුබවාදී ලෙස දිශානුගත වෙමින් පරිපූර්ණ වේවායි ප්‍රාර්ථනා කරමි.
බී.එම්.ඩබ්ලිව්.ජයසූරිය මිය
විදුහල්පති
ත්‍රි/ අභයපුර මහා විද්‍යාලය.






