සසිරි බර වු සිරිලකෙහි නැගෙනහිර ගෝකණ්නව පුරයේ
සසිරි අසිරි සිරි පරිසරයක වොරැදෙන මිණි පහන ඔබයි
අභයපුරේ විදුහල් මෑණී - අනගි අසම සම ගුණ ගිහිණි
බොදුනු කිතුණු මුස්ලිම් හින්දු - සැවොම සොයුරු ප්‍රේමෙන් බැන්දු
අවිදු අදුරු පටලය සින්දු - අපේ ලොවට සිරි දුව කැන්දු
විදුහල් මව සැරදේ සදා ජය ජයසිරි විද නිබදේ //
ශිල්ප කලා දැනුමෙන් සකසා - දෑ හැගුමෙන් හදවත් පුබුදා
ලලිත කලා රසයෙන් සතපා - රකින අපව සෙනෙහසිනි සදා
විදුහල් මව සැරදේ සදා ජය ජයසිරි විද නිබදේ //






