- දිනපතා පාසල් පැමිණිය යුතුය.
- නියමිත වේලාවට පාසලට පැමිණිය යුතුය.
- අංග සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී පාසලට පැමිණිය යුතුය.
- ශිෂ්‍යයන් උචිත සේ කොණ්ඩය කොටට කපා තෙල් ගා හිස පීරාගෙන පැමිණිය යුතුය.
- ශිෂ්‍යයන් රැවුල මුළුමනින්ම කපා තිබිය යුතුය.
- ශිෂ්‍යයාවන් තෙල් ගා කොණ්ඩය හොඳින් පීරා මැදින් බෙදා අග කොටස නමා කළු රිබන් පටි වලින් ගැටගසා තිබිය යුතුය.
- නියමිත සපත්තු හා මේස් පැළඳිය යුතුය.(පිරිමි -කළු සපත්තු හා කළු මේස්/ ගැහැණු - සුදු සපත්තු හා සුදු මේස්.)
- නොගැළපෙන කොණ්ඩා මෝස්තර, රැවුල සඳහා මෝස්තර, විලාසිතා කොණ්ඩා කටු ,නොගැළපෙන ආභරණ ඉන පටි, අත් පටි ආදී කිසිවක් පැළඳීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය.
- ශිෂ්‍යයන් අත් කොට කමිස ඇඳිය යුතුය. අත් දිග කමිස ඇඳීමට අවසර නැත. (විශේෂ අවස්ථාවකදී හැර)
- ශිෂ්‍යයන් නියමිත ප්‍රමාණයේ කලිසම ඇඳිය යුතුය. (ෆෝල්ට් එක- අඟල් 14/ පෘෂ්ටිමත් ළමුන් සඳහා ගැලපෙන කලිසම පරිදි සකස් කළ යුතුය.)
- ශිෂ්‍යයන් ඉනට සරිලන සේ කලිසම ඇඳිය යුතුය. කලිසමේ ලූප් යොදා මසා තිබිය යුතුය.
- ශිෂ්‍යාවන් නිල ඇඳුමේ ඉණ පහලට නොදැමිය යුතුය. අත නියමිත ප්‍රමාණයට සකස් කරගත යුතුය. නිල ඇඳුමේ රැළි අඟල් 1 1/2 වන ලෙස යෙදිය යුතුය.
- ශිෂ්‍යයන්/ ශිෂ්‍යාවන් පාසල් නිල ඇඳුමේ පාසල් ලාංඡනය අනිවාර්යෙන්ම පැළඳීම කළ යුතුය.
- ශිෂ්‍යාවන් නියමිත ටයිපටිය පැළඳීම කළ යුතුය.
- නියමිත කාලය තුළ පාසල් භූමියේ රැඳී සිටිය යුතුය.
- ගුරු භවතුන්ගේ අවසරයකින් තොරව පන්ති කාමරයෙන් බැහැර නොවිය යුතුය.
- විදුහල්පතිතුමියගේ අවසරයකින් තොරව පාසලෙන් බැහැර නොවිය යුතුය.
- පාසල් කාලය තුළ වෙළඳසැල් කරා යාම, ගේට්ටු අසල රැඳී සිටීම සපුරා තහනම්ය.
- පන්ති කාමරය තුළ ඝෝෂා නොකළ යුතුය. ක්‍රීඩා නොකළ යුතුය.
- ජංගම දුරකථන, විවිධ සූදු ක්‍රීඩා සඳහා යොදා ගන්නා කාඩ්පත්, පරිගණක ක්‍රීඩා උපකරණ, බුලත් විට, මත්ද්‍රව්‍ය හා මත්පැන් පාසල වෙත ගෙන ඒම සපුරා තහනම්ය.
- ගුරු භවතුන් හට සෑම විටම අවනතව සමගියෙන් කටයුතු කළ යුතුය.
- සෑම අවස්ථාවකම සංවරව හැසිරිය යුතු අතර සභ්‍ය වචන කතා කළ යුතුය.
- විශේෂ හේතු මත පාසලෙන් බැහැර වීමට අවශ්‍ය නම්, විදුහල්පතිතුමියගේ අවසර ලබා ගැනීමට දෙමව්පියන් ගේ අත්සනින් යුතු අනුමැතිය ලත් ලිපියක් ගෙන ආ යුතුය.
- විද්‍යාල වේලාවෙන් පසුව අනවසරයෙන් පාසල තුළ රැඳී සිටීම සපුරා තහනම්ය.
- විද්‍යාලය අවසන් වීමෙන් පසු නිකරුනේ ප්‍රදේශයේ තැන් තැන් වල පාසල් නිල ඇඳුමින් සැරසී සිටීම නොකළ යුතුය.
- කිසියම් හේතුවකින් මෙම විනය නීතී කඩවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව විනය මණ්ඩලය ගන්නා අවසන් තීරණයට එකඟ විය යුතුය.






