ත්‍රි/ අභයපුර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

මූලික හදින්වීම හා පාසල් ඉතිහාසයේ පසුබිම

                                            නැප/ත්‍රී/ත්‍රී අභයපුර ජාතික පාසල අභිනව ජාතික පාසල් අතරට එක් වූ ගෝකණ්ණපුර අභිමානවත් විද්‍යාල මාතාවකි. 1957 ජූලි මස 17 වන දින කුඩා පොල් අතු මඩුවක ඇරඹී වසර 64 ක අභිමානවත් ගමනක යෙදුනු විද්‍යාල මාතාව මේ වන විට ජාතික පාසලක් සදහා සියලු සුදුසුකම් සපුරා සිටින්නීය.                             

                                            ත්‍රීකුණාමල නගරයට කිලෝමීටර 4 කට ආසන්න දුරකින්, තුල්සිපුර ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙන මෙම පාසල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගෙන් සමන්විතය. මහින්දෝදය විද්‍යාගාරය, තාක්ශණ පීඨය මෙන්ම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය උදෙසා වෘත්තීය ප්‍රවේශය යටතේද ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකරනු ලබන ත්‍රිකුණාමලය අධ්‍යාපනය කලාපයේ එකම පාසල ලෙස හැදින්විය හැකි පාසලකි. පන්ති කාමර 20කින් යුතු මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 477 කි. ගුරුවරුන් 24 පමණ තම සේවා දායකත්වය සපයනු ලබයි.


                                           ආරම්භයේදි ප්‍රාථමික, ද්විතීක වශයෙන් අංශ බෙදීමක් නොපවතියද විටින් විට ගෙන ආ රාජ්‍ය ප්‍රතිපත්ති සහ තීරණ නිසා සිසුන් 1000 කට වඩා අධ්‍යාපනය ලද පාසල කොටස්වලට කැඩී ගියේය. පාසල් දහස ව්‍යාපෘතිය මගින් ප්‍රාථමික අංශය වෙනම ස්තාපනය කල අතර තවමත් එමගින් 6 ශ්‍රේණියට සිසුන් බොහෝ පිරිසක් පෝශක පාසලට පැමිණේ. තවත් අවස්තාවක මෙහි ආරම්භක ප්‍රාථමික අංශය පැවති ස්ථානය තෝරා ගෙන කාන්තා විදුහලක් ස්ථාපනය කල නිසා මෙම පාසලට කාන්තා සිසුවියන්ගේ පමිණිමේ අඩුවක් දක්නට ලබේ. එය මෙහි වින‍ය පවත්වා ගැනීම සම්බන්ධව ප්‍රබල ගැටලුවක් වී ඇත. අසමතුලිත පන්ති කාමර නිර්මාණය වී තිබීම 6-11 ශ්‍රේණි සම්බන්ධව ඇති ගැටළුවක් ලෙස දක්නට ලැබේ.

                                          භෞතික පරිසරයෙන් ක්‍රමයෙන් වර්ධනය වූ පාසලේ විනය හා අධ්‍යාපන මට්ටම ඉහලට ගෙන ඒමේ අභියෝගය තවමත් ජය ගෙන නොමත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ 1987 දී වසා දැමුණු විද්‍යාලය සිව් මසක් අතුලත නැවත ආරම්භ කල අතර විවිධ හැලහැප්පීම් මත තවමත් නොනවති ඉදිරියට ගමන් කරයි.

                                          එදා සිට අද තෙක් නොවිසදුනු ප්‍රධානතම අභ්‍යෝගයක් මගින් පාසල් මාතාව පීඩාවට පත් කරයි. විශේෂයෙන්ම ඊසාන දිග මෝසම් සක්‍රීය වන විට මෙම පාසල ගං වතුර තර්ජනයට නතු වේ. එමගින් පාසලේ සාමාන්‍ය කටයුතු අඩපන වේ. විවිධ විදුහල්පතිවරුන් මෙම තත්වය වළැක්වීම සදහා ගත් ක්‍රියාමාර්ග ප්‍රසංසාත්මකය.


                                          මෙම විද්‍යාලයෙ ආරම්භක විද්‍යාලාධිපතිවරයා ලෙස ඒ.බී.සිරිපාල මහතා කටයුතු කල අතර වර්තමාන නියමුවරිය ලෙස බී.එම්.ඩබ්ලිව්.ජයසූරිය මහත්මිය කටයුතු කරයි.